මාගේ වචන පහ නොවන්නේය.@මතෙව් 24:35
ආලේඛ්‍ය චිත්‍රය
හෙන්රි ඩබ්ලිව්. බේක
(1821–1877)

හෙන්රි ඩබ්ලිව්. බේක, 1861 (Lord, Thy Word Abideth); ඒ. එස්. අමරසේකර.

ඩබ්ලිව්. එච්. මංක්, 1861 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ඩබ්ලිව්. එච්. මංක්
(1823–1889)

ඔබගේ වදන
පචතියි නිතින
අදහන්නෝ බැතින්
තොස ලබත් එයින්

රුපුන් ළංවූ විට
සවි දෙයි සිතට
සැනසුම් වදන
ගැළවුම් හසුන

ජීවිතේ කුනාටුත්
එන විට මේගත්
වදන ඔබගේ
රකියි දිව් අපගේ

ඔබගේ වදනින්
යටහත් සිත් ඇත්තන්
ලබන සතොස
කී හැක්ද කොයි ලෙස?

කුලුණු වදනින්
සැපවේ දිවිහිම්
මරණ පැයේ ඉන්
අත්වන්නේ සැනසුම්

ඒ ඔබේ වදන
සොඳසේ ඉගෙන
බැතින් හා පෙමින
ඉන්ට දුන මැන