මාගේ ස්වාමීනි, ඹබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.@උත්පත්ති 18:3
ආලේඛ්‍ය චිත්‍රය
ෆැනී ක්‍රොස්බ්
1820–1915

ෆැනී ක්‍රොස්බ්, 1868 (Pass Me Not, O Gentle Savior); පරිවර්තනය; සී එච්. පීරිස්.

විලියම් ඩෝන්, 1870 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
විලියම් ඩෝන්
1832–1915

මා සිහිකරන් දයාවී
දෙන් සවන් මටත්
සෙත් දෙන්ට වඩින කල්හි
සිහිකරන් මාත්

යේසුස්, යේසුස්,
දෙන් සවන් මටත්
සෙත් දෙන්ට වඩින කල්හි
සිහිකරන් මාත්

ඔබ පාමුලදී මට
දෙන් සැනසුමා
සැදැහැ මදිකමට
වෙන් මට කමා

ඔබ කරුණාව නිසා
එම් ඔබ වෙත
මා ගැළෙව්ව මැන තොසා
හිමි මෙත් යුත

මාහට ඔබ අත්හැර
ඈද්ද සරණක්
සගයේවත් මෙලෙව් තුර
නැත කිසිවෙක්