එහෙයින් නුඹලාගේ ඉඟටි සැබෑකමෙන් බැඳගෙන…සිටපල්ලා.@එපීස 6:14
ආලේඛ්‍ය චිත්‍රය
ජෝජ් ඩෆීල්ඩ්
1818–1888

ජෝජ් ඩෆීල්ඩ්, 1820 (Stand Up, Stand Up for Jesus); සී ඩබ්ලිව් ද සිල්වා.

ජෝජ් වෙබ්, 1830 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ජෝජ් වෙබ්
1803–1887

කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන්
දජ ඔසවමිනි, ජය ගනිව් යුද්දෙන්
ජයෙන් ජයට හිමි, සේනාවන් ගෙනයි
යේසුස් වනතෙක් ස්වාමි සෑම රුපුන් නසයි

කුරුසේ හේවායිනි, කීකරුවී වරෙව්
අණට කන් දෙමිනි, තද සටන් කරව්
සැම දෙන මූණ දෙව්, සතුරන්ට නිතින්
මක්වූවත් බිය නොවව්, සටන් කරව් වැරෙන්

කුරුසේ හේවායිනි හිමි, බෙලෙන් වරෙව්
ඔබ බලේ ඉතිනි, විස්වාස නොකරව්
ගනිව් සුබසුන් කග, අවදිව සිටිව්
අන්තරා ඇතත් මග, කිසි බියක් නොවව්

කුරුසේ හේවායිනි, සටන ලුහුඬුය්
යුද්ද නවතිමිනි, ජය හඬ ඇසෙයි
ජය ගන්න අයට, රන් කිරුලක් ලැබෙයි
ඔහු තෙදැත් රජුට, එක්ව නිතින් වසයි