ජොන් කීබල්, 1820 (Sun of My Soul); සී ඩබ්ලිව් ද සිල්වා.
ආත්මෙට සූරියා වැනි
පෙම්වත් ගැළවුම්කරැනි
ඔබඇත්නම් මට ළංව
ගනඳුර යයි පහව
නින්ද නමැති පිනිවලින්
තෙමෙන මා විඩා නුවන්
මිදුම්කරැ ළයේ නින්ද
සිතම් කොයි තරම් සැපද!
වසන් මා හා මුළු දිනේ
නැතුව බෑ ඔබ අනේ
වසන් රැයේ ළංව මට
නැත්නම් ඔබ බෑ නසින්ට
අඳුරෙදී ආලෝකය
දෙන්නේ හිමි ඔබමය
රැළ පිට යතත් බිරම්
බයක් නෑ ඔබ ළඟ නම්
මුළාවූ දරැවෙක් අද
ඔබ බස් නාසා යන්නෙද
සමිඳුනි දයාවෙමින්
පාප මඟින් ඔහු මුදන්
දිළිඳුන් හා රෝගීන් බලන්
ඔබාසිරි දී සනසන්
දුක්වන්නන්ට නින්ද දෙවන්
සැතපෙන්ට බ්ළිඳුන් මෙන්
ළංවන් අවදිවූ කල
දිව් ඇති තෙක් සැම කල
මෙලොවින් ඉකුත්වී සගේ
වසනා තෙක් ඔබ ළඟේ