පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවියල්ලා@යෙසායා 45:21
ආලේඛ්‍ය චිත්‍රය
එමීලියා මැටිල්ඩා හල්
1812–1884

එමීලියා මැටිල්ඩා හල්, 1832 (There Is Life for a Look); සි. ඩබ්ලිව් ද සිල්වා.

එඩ්වර්ඩ් ජී ටේල, 1860 (🔊 pdf nwc).

කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුවපත් වෙයි සැණෙන්
දැන් පව්කරුනේ ඇදහිල්ලෙන් බලන්
නුඹ සන්දා මළ එතුමන්

දැන් මේ දැන් බලන්!
කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුවපත් වෙයි සැණෙන්

ඇයි අනේ එතුමා එලෙස දුක් වින්දේ
නුඹේ පව් උදෙසා නොවේ නම්
ඇයි ඒ ඇළයෙන් ලේ ගඟක් ගැලුවේ
නුඹට ඉන් පලක් නැති නම්?

මෙ නුඹේ කඳුළුත් අයදීමත් නොවේ
පිහිටක් ගෙන දෙන්නේ සොඳ
හිමිගේ අනගි ලේ නිසාමය ඒ
ඇයි නොගන්නේ සරණ අද

එ නිසා සැක සිත් දුරලා දැන් වරෙන්
ළත වෙවී අහෝ නොසිටින්!
කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුචපන් වෙයි සැණෙන්