එමිලි ඊ එස් එලියට්, 1864 (Thou Didst Leave Thy Throne); සි. ඩබ්ලිව් ද සිල්වා.
ටිමති ආර් මැතිව්ස්, 1876 (🔊 pdf nwc).

ඔබ තේජස් හා කිරුළත්හැර
මෙහි ආකල මා නිසා
නිවසේහි බෙත්ලෙහෙම් නුවර
නොලත්සේක ඉඩක් තොසා
යේසුස් මසිතට වඩින්
ඔබට හි ඉඩ ඇත්
යේසු මසිතට වඩින් දැන්
ඔබට එහි ඉඩ ඇත්
සුර දූතයින් සගයේ සිට
ඔබට පැසසුම්දුන්නත්
දිළිඳෙක්සේම ඔබ ලොවට
වැඩිසේක වෙමින් දුක් පත්
හිවලුන්ට හා සියොතුන් හට
වනයේ ඉඩ ඇත් වීය
ඒ නමුත් යේසු හිමි ඔබට
ඉඩමක් මෙහි නැත් විය
ඔබ ජීවනේ බස රැගෙන
ලෝසත් මුදනට ආ කල්හී
කටු ඔටුන්නක් හිස ලමින
මැරු වෝය කුරුසේහි
ඔබ තේජසින් ජය ගන්නට
ඵන කල් සුර සෙන් ගී යෙන්
කැඳවා මාද ඉඩමක්මට
ඔබ ලඟින්ම සලසන්
යේසුස් මසිතට වඩින්
ඔබ මා කැඳවන කල
යේසුස් මසිත වෙයි සතොස් දැන්
ඔබ මා කැඳවන කල