ඇගේ වදන කාලය සම්පූර්ණවිය.ඈ කුලුඳුල් පුත්‍රයා වදා, රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බෑවුවාය. මක්නිසාද නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණේය.@ලූක් 2:7

නොදන්න කතෲවරයෙක්: කුඩා ළදරු ගීතිකා පොත: 1885 (Away in a Manger); බී. ඒ. ඩබ්ලිව් විජයසිංහ මහත්මිය.

විලියම් ජේ. කර්ක්පැට්‍රික්, 1895 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
විලියම් ජේ. කර්ක්පැට්‍රික්
1838–1921
illustration

බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා
රෙදි ඔතලා එහි බාවා ගව ඔරුවේ සිටිනා
තරු අහසේ දිලිසෙමිනේ එතුමා වෙත බැලුවේ
අපෙ ස්වාමි දිළිඳාවී නිදිකරවා සිටියේ

එහි ගවයන් හඬ අසමින් එතුමා ඇස් ඇරියේ
බය නොවෙමින් ප්‍රිය මුහුණින් හිමි නාඬා සිටියේ
මගෙ පේමය ඔබගේමය බලමින් මා අහසෙන්
රෑ කාලේ නිදි වේලේ අදරින් මා රැකගන්

මා සමගින් ඔබ ස්වාමින් සිටියොත් සැම වේලේ
ඔබ සමගින් සගයේදිත් සිටිනට හැකි වෙන්නේ
සැම දරුවන් හට අදරින් ඔබ පාමුල තබමින්
ඔබෙ දරුවන් කොට පේමෙන් සැම විට ආසිරි දෙන්