🡅 🡇 🞮

මාගේ දුක් පීඩා නිමකරලා

තවද, දරුවෝනම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය,ක්‍රිරිස්තුස්වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේය. රෝම 8:17
ආලේඛ්‍ය චිත්‍රය
චාර්ල්ස් ගේබ්‍රියල්
1856–1932

චාර්ල්ස් ගේබ්‍රියල්, 1900 (O That Will Be Glory); ජෙ. සයිමන් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්තන කරන ලද්දෙ (🔊 ).

මාගේ දුක් පීඩා නිමකරලා
ඒ රුවත් වෙරළට පත් කලා
පෙම්බර මා හිමි ළඟ ඉන්ට
සදාකල්හිම වේ තේජස් මට

එකල්හි වේ තේජස් මට
තේජස් මට තේජස් මට
හිමි වත දක්නා කල මා
එකල්හි වේමය තේජස් මට

හිමිගේ දයා කඳින් විපුලා
සගයේ ඉඩමක් මා ලත් කලා
ඒ හිමි උවන බලා ඉන්ට
සදාකල්හිම වේ තේජස් මට

මිතුරෝ එහි වෙත් මා පෙම් දැරූ
සොම්නස් ගලායේ ගඟක් ලෙස
හිමි මද හසීන් පෙනේ තුට
සදාකල්හහිම වේ තේජස් මට