ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණොය.@ගීතාවලිය 18:2
ආලේඛ්‍ය චිත්‍රය
ඔගස්ටස් ටොප්ලේඩි (1740–1778)
© National Portrait Gallery

ඔගස්ටස් ටොප්ලේඩි, 1776 (Rock of Ag­es); ජෙ. සයිමන් ද සිල්වා.

රිචර්ඩ් රෙඩ්හෙඩ්, 1853 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
රිචර්ඩ් රෙඩ්හෙ
(1820–1901)

මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ
ගැලූ ඔබගේ ඇළෙන්
වතුර හා රුදිරෙන්
මා පව් හා එහි බලේ
සෝදා හරින් මේ කලේ

මාගේ බලෙන් බෑ මට
ඔබ පණත් රකින්ට
කොතෙක් උත්සහ කළත්
කඳුළු වැගුරුවත්
පව් කමාව නොලැබේ
ඔබෙන් පමණක් ලැබේ

අතේ කිසිත් නොගෙනෙම්
කුරුසේටම ඇලෙම්
නිවත් මා හඳවනු
දුප්පත් මට සෙත් දෙනු
සෝදාලන් කිලුටු මා
සෝදන් නැත්නම් නැසෙයි මා

මා දිව පවත්නා තුරුත්
ඇස් පියවෙන කලත්
නොදත් මග යද්දි ද
විනිස දිනේ දි ද
මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ