🡅 🡇 🞮

මට විවර ගල

ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණොය. ගීතාවලිය 18:2
ආලේඛ්‍ය චිත්‍රය
ඔගස්ටස් ටොප්ලේඩි (1740–1778)
© National Portrait Gallery

ඔගස්ටස් ටොප්ලේඩි, 1776 (Rock of Ag­es); ජෙ. සයිමන් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්තන කරන ලද්දෙ.

රිචර්ඩ් රෙඩ්හෙඩ්, 1853 (🔊 ).

ආලේඛ්‍ය චිත්‍රය
රිචර්ඩ් රෙඩ්හෙ
1820–1901

මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ
ගැලූ ඔබගේ ඇළෙන්
වතුර හා රුදිරෙන්
මා පව් හා එහි බලේ
සෝදා හරින් මේ කලේ

මාගේ බලෙන් බෑ මට
ඔබ පණත් රකින්ට
කොතෙක් උත්සහ කළත්
කඳුළු වැගුරුවත්
පව් කමාව නොලැබේ
ඔබෙන් පමණක් ලැබේ

අතේ කිසිත් නොගෙනෙම්
කුරුසේටම ඇලෙම්
නිවත් මා හඳවනු
දුප්පත් මට සෙත් දෙනු
සෝදාලන් කිලුටු මා
සෝදන් නැත්නම් නැසෙයි මා

මා දිව පවත්නා තුරුත්
ඇස් පියවෙන කලත්
නොදත් මග යද්දි ද
විනිස දිනේ දි ද
මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ