තවද දෙවියන්වභන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වයි.@එළිදරව් 22:1,2
ආලේඛ්‍ය චිත්‍රය
රොබරට් ලව්රි
1826–1899

රොබරට් ලව්රි, 1864 (Shall We Ga­ther at the Riv­er?) (🔊 pdf nwc). ජෙ. සයිමන් ද සිල්වා.

සුදිලි පළිඟු ලෙසින්
සුරපුරෙන් ගලනා
ගඟ ළඟදී සුදනන්
එක්වමුද තොසිනා

ඔව් රුවැති සසොබන
ගලන දෙව් සිහසුන කෙරෙන්
ගඟ ළඟදී සුදිලෙන
එක්වමුව සන්තොසින්

රිදී ජලෙන් බබළන
ගඟ ඉව්රෙදි රුවැත්
සන්තොසින සැම දින
නමදිමු සුර පුත්

සුදිලි ඒ ගඟ ළඟ
පැමිණ මිදී දුකින්
මෙලෝ හැර සිතු රඟ
ලබමු කිරුල් රුවන්

සුනිමල්වු ගඟ නිතින්
හිමි වතින් බබළයි
අමරණීය සුදනන්
දෙන තොස් ගී එහි වෙයි

දැන්ම යමි ගඟ ළඟ
දැන්ම දුක නැතිවෙයි
දැන්ම වේය මන දඟ
දැන්ම සග සෙත් ලැබෙයි