🡅 🡇 🞮

තේජසේ කුමරා මළ

එහෙත් අපගේ ස්වාමිවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් පාරට්ටුකරගන්ට මට නම් සිධනොවේවා. ගලාති 6:14
ආලේඛ්‍ය චිත්‍රය
එඩ්වර්ඩ් මිලර්
1735–1807

අයිසැක් වොට්ස්, 1707 (When I Survey the Wondrous Cross); ජෙ. සයිමන් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්තන කරන ලද්දෙ.

එඩ්වර්ඩ් මිලර්, 1790 (🔊 ).

ආලේඛ්‍ය චිත්‍රය
අයිසැක් වොට්ස්
1674–1748

තේජසේ කුමරා මළ
විස්මපත් කුරුසේ දෙස
බැලූ කල මාගේ බල
බිඳෙයි ගරුමන් නොලස

සමිඳුගේ කුරුසිය
මිස අන් කිසිවක් ගැන
පාරට්ටු කීමක් මා පිය
නොකියන්ට දුන මැන

මට ඉතා ලාබ ඇති
දේ ගැන මමි නොසිතමි
මා තොස් දෙන පාප රුති
ඔබ ලේ නිසා හරිමි

බලව් ඒ අත් පා හිසින්ද
දක්වන මහත් ආදරේ
එවැනි පෙම් හා දුකද
දුටුවහුද කොයි වරේ?

මුළු ලොව මගේ වුණත්
ඒත් මදිමය දෙන්නට
මාගේ පණ හා සියල්ලත්
දුන්නත් මදි ඒ පෙමට

නිදර්ශනය