
අයිසැක් වොට්ස්, 1707 (When I Survey the Wondrous Cross); ජෙ. සයිමන් ද සිල්වා.
එඩ්වර්ඩ් මිලර්, 1790 (🔊 pdf nwc).

තේජසේ කුමරා මළ
විස්මපත් කුරුසේ දෙස
බැලූ කල මාගේ බල
බිඳෙයි ගරුමන් නොලස
සමිඳුගේ කුරුසිය
මිස අන් කිසිවක් ගැන
පාරට්ටු කීමක් මා පිය
නොකියන්ට දුන මැන
මට ඉතා ලාබ ඇති
දේ ගැන මමි නොසිතමි
මා තොස් දෙන පාප රුති
ඔබ ලේ නිසා හරිමි
බලව් ඒ අත් පා හිසින්ද
දක්වන මහත් ආදරේ
එවැනි පෙම් හා දුකද
දුටුවහුද කොයි වරේ?
මුළු ලොව මගේ වුණත්
ඒත් මදිමය දෙන්නට
මාගේ පණ හා සියල්ලත්
දුන්නත් මදි ඒ පෙමට
