එඞේරු තම රැළවල්
රකිත රෑ දිනේ
සුර දුතයෙක් සුනිමල්
ආයේ බෝ තෙදිනේ
බියපත් එඬේරුන් හට
කීවයි දූත මෙසේ—
බිය නොවව් මම් සැමට
ගෙනෙම් හසුන් තොසේ
මෙදින දාවිත් නුවරේ
උපන්නයි තොපටා
සමිඳු ක්‍රිස්තුස් පවරේ
මිදුම්කරු තුමා
ඔතා සිහින් සළුවලින්
එහි ඔරුවක
තබා ඇත දෙව් කුමරුන්
එය ලකුණක
මෙ බස් කිව් පසු දෙවදූතූන්
දිස්විය විගසින්
දූත රැසක් යුතු තෙදින්
මෙසේ ගී නගමින්—
උස් තැන් දෙවි මහිමයත්
පොළොවෙහි සාමෙත්
මිනිසුන්ට කරුණාවත්
වේවා දැන් හා මතුත්