ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් දක්නාලබන්නහුය@පිලිප්පි 2:15,16

ෆිලිප් පී බ්ලිස්, 1874 (Wonderful Words of Life) (🔊 pdf nwc). සී එච් පීරිස්.

ආලේඛ්‍ය චිත්‍රය
ෆිලිප් පී බ්ලිස්
1838–1876

කන්දෙමි මම සොම්නසින්
විස්මපත් දෙව් වදන්
යුත් පුවත් සුපසන් නොමින්
විස්මපත් දෙව් වදන්
දෙව් වදන් සුපසන්
ඉන් මට උගන්වන්

සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්

දුන් ලෝ සතට දෙව් වදන්
විස්මපත් දෙව් වදන්
පව් කරුවෙනි දෙව් සවන්
විස්මපත් දෙව් වදන්
දෙව්සැප ලබන්ට
දෙයි අණ සැමට

සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්

යේසු හිමි හඳුන්වන
විස්මපත් දෙව් වදන්
පව් කමාව දන්වා දෙන
විස්මපත් දෙව් වදන්
ලෝ සත මුදා දෙන්
යේසුස්නි දයාවෙන්

සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්